► ♪ ♫

Posts Tagged ‘poems’

The Man He Killed – Thomas Hardy

In quote from a News Paper, quoted poem on February 25, 2009 at 12:06 pm

(‘The Man He Killed’)

“ඔහු මැරූ මිනිසා
හමුවුණානම් අවන්හලකදී
එකට හිඳ
මධුවිතක් තොලගාන්නට
ඉඩක් තිබිණි අප

ඒත්…
රවද්දී අනුනු’න්ට
යුද බිමේ දෙපස සිට
මම ඔහුට වෙඩි තැබුවෙමි
වෙඩි තැබීමට ඔහු ද,
මැරුවෙමි මම ඔහුව
ඔහුගේම බිමේදී
මක් නිසා මැරුවේද මා ඔහුව?
බැවිනි ඔහු මා සතුරා

සැබැවින්ම
ඔහු මගේ සතුරාය
සෑහේය ඒ තරමින්
තේරුම් ගැනීමම
ඔහුත් එලෙසම සිතන්නට ඇති
හුදකලාවේ හිඳින මොහොතක
ඔව්
ජඩ බහුබූත යුද්ධය
මරා දැමුවෙහිය උඹ
කොහේ හෝ අවන්හලකදී හමුවුණානම්
සිලං බාගෙකින්වත්
සලකන්න ඉඩ තිබුණු මිනිසෙකුට”

තෝමස් හාඩි
අනුවාදය: සංජීවනි කස්තුරිආරච්චි
(‘මව්බිම’ – 2006 නොවැ. 12)

Advertisements