► ♪ ♫

Posts Tagged ‘සුගතපාල ද සිල්වා’

අනේ දෙව්දත් නොදුටි මොක්පුර : සුගතපාල ද සිල්වා

In quote from a Book, quoted poem on September 11, 2009 at 6:40 am

දරු නැලවිල්ලක් – p-13

ඇයි ඇයි ඇයි ඇයි ද පුතේ
නිවතුන් ලෝ පුරා පුතේ
දොයිය ගන්න එපා පුතේ
ඇස් ඇර රට බලන් පුතේ

උඹෙ අම්මා කිරට ගියා දෙන්
කිරි මුට්ටිය ගඟේ ගියා දෙන්
ගඟට උඩින් කොක්කු ගියා දෙන්
ගඟ දෙගොඩින් තලා ගියා දෙන්

ඒත් පුත බිය වෙන්ටෙපා
ඒත් පුත ගැති වෙන්ටෙපා
සත් රුවන් කඳු මුදුනෙ තැබුවත්
මඩින මිනිහට බහ දෙන්ටෙපා

ඇයි ඇයි ඇයි ඇයි ද පුතේ
නිවතුන් ලෝ පුරා පුතේ

මිරිකන මිනිහා කොහෙද සොයාපන්
මිරිකෙන මිනිහා ඉන් ගොඩලාපන්
දුක හඳුනාගෙන දුක නැති කරපන්
දිළිඳු මුහුණුවල සිනහව ඇඳපන්

ඇයි ඇයි ඇයි ඇයි ද පුතේ
නිවතුන් ලෝ පුරා පුතේ


(සෙවිල්ල) – p-14

ජීවිතය
කෙල පිඬකි
අලුයම ලූ

‍මේ කෙල පිඬ
බුද්ධියේ
අනුක්නයට අල්ලා
ජීවිතයේ
රෝග නිධානය
සොයව්
:
:


සටන – p-17

මොළ නෙලූ එකෙක්
රාක්ක මොළ වලින් පුරවා
පොත් ගුලක හිර වී
කාවන් සමඟ සටනක

මොළ ගසා කෑ එකෙක්
සේප්පු කාසිවලින් පුරවා
රිදී යතුරු කැරැල්ල
විල්ලුද කොට්ටය යට සඟවා
නොමැරෙන බේත් සොයන සටනක


(මා විසින් මෙසේ අසන ලදී) – p-29

:
:
ඒ නිසා හිමියනි
අද ඔබ මොක කීවත්
අද ඔබ මොක කළත්
කමක් නෑ, පවක් නෑ

ඔබ වෙන්නෙ අපි

අපි හොඳ නැතුව
හිමියනි,
ඔබ විතරක්
අමුතුවෙන්
හොඳ වෙන්නෙ
කොහොම ද?

► ‘අනේ දෙව්දත් නොදුටි මොක්පුර’ : සුගතපාල ද සිල්වා [1972]
(දෙවෙනි මුද්‍රණය: 2002 : ගොඩගේ ප්‍රකාශන)
ISBN 955-20-5810-4

the Gadfly (1895) | ඇට මැස්සා

In quoted Books, quoted Text on May 27, 2009 at 4:51 am

[..] The Gadfly is a novel by Ethel Lilian Voynich, published in 1897 (United States, June; Great Britain, September of the same year). Set in 1840s Italy under the dominance of Austria, a time of tumultuous revolt and uprisings, the story centers on the life of the protagonist Arthur Burton as a member of the Youth movement and his antagonist Padre Montanelli. A thread of a tragic relationship between Arthur and his love Gemma simultaneously runs through the story. It is a story of faith, disillusionment, revolution, romance, and heroism. [..] —from Wikipedia

සිංහල පරිවර්තනය:
සුගතපාල ද සිල්වා | ‘ඇට මැස්සා’ (1988 ඔක්තොබර්)
ISBN 955-20-0225-7
‘අපේ කට්ටියේ’ පොතක්. ‍ගොඩගේ ප්‍රකාශනයක්

Read it, Online: http://www.globusz.com/ebooks/Gadfly/index.htm