► ♪ ♫

Posts Tagged ‘පලායන්නකු ගේ කවියක්’

පලායන්නකු ගේ කවියක්

In , quote from a News Paper, quoted poem on March 17, 2009 at 5:59 am

පදියතලාවට ද ලකේගලට ද
මී තිරිගල ආරණ්නයට ද
නොදනිමි මම
එ නමුදු යා යුතුමය
හැරදා ‍මේ සියලු දෑ

තර්කයක් නැති මේ අභිනික්මන ට
නිමිත්තක් නැත ඒ අයුරින් මැ
එද සියලු සිදුවීම් තුල
වේදනාවක් විඩාවක්මය
ජීවිතය සැණින් කවතන

නොපවරන්න දොස් පරොස්
ආත්මාර්ථකාමී යැයි කිසිවිට
විවර වූ කවුළුවෙන් ගලා ඒ සුවඳ
නළ
නෙතු මෙන් මැ නාස් පුඩු විවර කර
විඳගන්න
මුළු ලෝකය මැ ඔබටය!
පර මලක කහ පැහැ කොළයක
සැකිළි ගත ආකෘතිය මට ය
ළපලු පත් අග පිනි බි‍ඳෙක
මළානික සිහිලස මා හටය
වට වැස්සක නව දියවර ඔබටය

කලෙක සිට සියලු දෑ නිසලය
එහෙයින් මැද මුනිවතින් සිටිමි
පවසන්නට රිසි නමුදු යමක්
භාෂාව මා විලංගු ලා ඇත
සර්ව අශුභවාදියෙකු යැයි පවසතත්
සර්ව ශුභ වාදයම එයයි මට

සියලු මතකයන් මා කෙරෙන්
මුදා යැයි නොදැනීම ඈතට
සතලිස් ඇඳිරිය ද මේ
මනස බැඳි මායා පටලය ද

ගේ දොර සෙවුයෙමි
නොතින් ආභරණ තැනූයෙමි
කිතු ගොස සෙවුයෙමි
ගමන් ඇරැඹූ මං සලට මැ
ආපසු පැමිණ ඇත්තෙමි
නැවත ගමනේ යෙදුන කලැ
ඒ චක්රය තුල මැ සිරවූයෙමි

කළු දුම් පටල වසමින
බස් රිය ඈත එනු වැනි
ඔළොගුව කරෙහි ලා ගෙන
එහි යනු රිසින මග ඉමි
පදියතලාවට ද ලකේ ගලටද
මී තිරිගල ආරණ්නයටද
නොදනිමි මම

► උපුල් සේනාධීරගේ
‘රාවය’ (2004 ජුනි 06 ඉරිදා)

Advertisements