► ♪ ♫

Posts Tagged ‘නෙළුම් චක‍්‍රය’

‘නෙළුම් චක‍්‍රය’

In , quote from a News Paper, quoted poem on April 22, 2009 at 5:40 am

උණු තේ කෝප්පයට වැටුණු
කළු කූඹියා ඇඟිලි තුඩට ගෙන
කටින් පිඹ මේසය මත
පරෙස්සමින් තැබුවෙමි
මගේ කඳුළක් වැටී
ඌ ගිලී මිය යතැයි බියෙන්
මුහුණ පසෙකට හරවා ගතිමි
එහෙත් කූඹියා මිය ගොසිනි

තේ කෝප්පය සීතල විය
කූඹියා මලේ මාතින්ද?
සීනි බෝතලය හරිහැටි නොවැසූ
ගෙදර කෙනකුගේ වරදින්ද?
විත්තිකරුවා කවුරුන්ද?
විත්තිකරුවා මා නොවූවත්
මරණයේ සාක්ෂිකාරිය මා ය
උණු වතුරේ තැම්බී මිය ගිය
කූඹියා සිහිනෙන් පෙනී
දෙව්ලොව ගිය බව කීවොත් මිස
මට කූඹියා අමතක වන්නේ ද නැත

මම යමක් සොයමි
ඒ කවුරුන්ද
ඒ කුමක්ද
මම නොදනිමි
මා සොයන්නේ
අනෙකකු හෝ අනෙකක් නොව
මාම විය ද හැක

► ‘නෙළුම් චක‍්‍රය’ සුනේත‍්‍රා රාජකරුණානායක
‘මව්බිම’ (2006 දෙසැ. 31)