ජීවිතයේ,
අමතකව ගිය පිටුවක් ද මා සැමට ..
අඳුර විනිවිද එළියක් දකින්නට
කොතෙක් කල් ලව නෙතට නින්දක් නොදෙන්නද?
පැතු එළිය ද නිවී ගිය කල ..
අදිසි සිර මැදිරියක
බිත්ති වත් .. යදම් වත් නොමැති ..
නිල නොලත් සිරකරුවෙක්මි ..
අසීමිත නිදහසක් ඇති – කල වරදකුත් නැති
පණ ගැහෙන මුව පොව්වෙක්මි
ප්‍රිය සබඳෙකුත් නොමැති
සෙනහසට උරුමයක් නොමැති
ජීවිතය ලැබූවෙමි – විඳින්නට නොව විඳවන්නට
භද්‍ර යෞවනය මෑත අත වනද්දිම …
► සඳුන් සමීර සිරිබන්දු
විදුසර විද්‍යා සඟරාව (2004.09.29)
Advertisements