► ♪ ♫

Posts Tagged ‘චේ’

MASA – CĖSAR VALLEJO – ‘චේ’ ජන්ම දින සමරුව වෙනුවෙන් [Boondi]

In quote from Web, quoted poem on June 17, 2009 at 9:36 am

අරගලය අවසන- සටන්කරු මියගිය සඳ
මිනිසෙකු පැමිණ ඔහු වෙත
හඬ ගා කීය මෙලෙසින:
“නොමැරෙනු මැනව- නොමැරෙනු මැනව
එතරම්ම ආදරෙයි මං නුඹට”
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

ඉනික්බිති,
පැමිණ මිනිසුන් දෙදෙනෙක්
කීය නැවතත් මෙලෙසින:
“නැගී නිබයව එන්න ආපසු
හැර නොයනු මැන අපව”
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

ඉනික්බිති,
පැමිණයහ මිනිසුන් විස්සක්
සියයක්, දහසක්
ලක්ෂයක්, පන් ලක්ෂයක්
විමසූහ එක හඬින්:
“පරදවනු බැරි වෙයිද මරණය
විසල් ආදරයකට මෙතරම්?”
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

මිලියන ගණනක් මහ සෙනග
දසතින් පැමිණ හඬමින්
රැෙඳමින ඔහු සිරුර අස
මුර ගෑහ එක හඬින්
“හැර නොයනු සොයුර අප”
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර

අවසන,
මහ පොළොව මත වසන
සියළු මිනිස් වග පැමිණ
වටකළහ නිදන ඔහු සිරුර.

දුංඛිත මළ සිරුර සෙලවිණ!
දුටුයෙන් ඒ මිනිස් කැළ.
නැගිට සෙමෙන්- සිපගති පළමු මිනිසා
ඉන්පසු,
ඇවිද යන්නට විය!

► CĖSAR VALLEJO (1895-1939) (Peru)
බුන්දි.

විරහවට නැවතීමක් – ‘යතුරුපැදි දිනපොත’

In quote from a Book, quoted poem on March 15, 2009 at 8:41 am

“ඇගේ නිරුවත් දෙපා
ජලයේ වැදී නංවන හඬ
මම ඔරුවේ සිට අසා සිටියෙමි
ආශා බරිත සැඳෑවේ
දෝලනය වෙද්දී ම’හදවත ඇය අතර
වීදියේ දී මහ මග ද
මම නොදනිමි
කෙසේද මා ලැබුවේ ශක්තිය
ඇගේ දෙඇස්වලින් මිදීමට
ඇගේ දෙඅත් අතරින් ලිස්සා යාමට
වැස්සත් කැඩපතත් අතර
වැලපෙමින් ඇය නැවතිණ
ශෝක වලාවේ කඳුළු පුරවා
හැඬිය නොහැකිව නැවතිණ
නවතින්න මම එමි
ඔබ සමඟ ඇවිදින්න මම එමි”

► මිගෙල් ඔටේරෝ සිල්වා (1908- වැනිසියුලාව)
‘THE MOTORCYCLE DIARY’ By Ernosto Guevara (Che)
‘යතුරුපැදි දිනපොත’ අර්නොස්ටෝ ගෙවාරා (චේ)
පරි. මර්ලින් සුනේත්‍රා චන්ද්‍රරත්න (2007) ISBN 955 1558 02 2