► ♪ ♫

Posts Tagged ‘අම්මා’

අම්මා

In , quote from a News Paper, quoted poem on March 30, 2009 at 6:01 am

කදුළු කැට පිරි දෙනෙත – දකින්නේ ඔබ රුවයි
නෙක සුසුම් දරා සිත හිතන්නේ නුඹ ගැනය
මගේ ලොව සඳු ඔබයි ආදරයේ උල්පතයි

කඳුලු එන විට නෙතට මතක් වන්නේ ඔබයි
තරහ වුන විට දී දුක හිතෙන්නේ ඒ නිසයි
ඒ කඳුළු ඔබ ලගත් තිබෙන්නේ යැයි සිතෙයි

ළඟ නැතුව ඔබෙ සුවඳ මගේ හදවත හඩයි
ඒ කඳුලු පිසින්නට බෑ මං බොහො දුරයි
ඔබේ සෙනෙහස සොයා එන දිනේ දැන් ළගයි
ඔබේ රුව දකින්නට ඇගිලි ගනිමින් සිටියි

► විමංශි නිරූපමා දිසානායක
‘විදුසර’ විද්‍යා සඟරාව (2002.07.24)

නිදහස් දවස – ‘අම්මා’

In quote from a Book on February 25, 2009 at 12:00 pm

“..මිනිසා එකිනෙකාට ගරු කරන දවස එළැඹෙයි. එදාට සෑම මිනිසෙක්ම තරු මෙන් දිලිසෙන බව මම දනිමි. සිය නිදහස පෙරටු කොට ගනිමින්, විවෘත හදවත් ඇතිව, කෝපයෙන් තොරව, පිරිසිදු හදවත් ඇතිව, මිනිස්සු ගමන් කරනු ඇත.
එදාට, මිනිස් ජීවිතය මිනිසාට සේවය කරනු ඇත. ඔහුගේ ප්‍රතිමූර්තිය උසස් වනු ඇත. නිදහස් මිනිසාට සෑම ජයක්ම ලබා ගත හැකිය.
එදාට, මිනිසුන් නිදහසේ සත්‍ය ගරු කරමින් ජීවත් වනු ඇත. ලෝකය සිතින් බදාගෙන, එයට වඩාත් ගැඹුරු ලෙස ආදරය කරන අය, ඉතාම හොඳ මිනිස්සු හැටියට ගනන් ගනු ඇත. ඉතාම හොඳ මිනිස්සු නිදහස්කාමීන් වනු ඇත. ඔවුහු ඉතාම සුන්දර අය වෙති. එවැනි ජීවිතයකට පා තබන අය ශේෂ්ඨ වනු ඇත..”

► ‘අම්මා’ මැක්සිම් ගෝර්කි
(අනුවාදය: දැදිගම වී. රුද්රිගු)