තිබිසයේ දොරටු හතේ
මාලිගාව හැදුවෝ කවුරුන්ද?
පොත්වල නම් රජවරුන්ගේ නම්
සඳහන් වේ.
ඉතින්, රජවරු එයට ගල් ඇද්දෝ ද?
තරුණ ඇලෙක්සැන්ඩර්
ඉන්දියාව ආක්‍රමණය කළේය
හැබෑවටම ඔහු
තනිවමද එය කළේ?
සීසර් ගලීලය පරාජය කළේය
අරක්කැමියෙක්වත්
ඔහු සමඟ ගියේ නැද්ද?
සිය නැව් හමුදාව පරාජය වීමෙන්
ස්පාඤ්ඤයේ පිලිප් රජු වැලපුණේය
අන් කිසි කෙනෙක් නොවැලපුණේද?
හැම පිටුවකම ඇත්තේ
ජයගත් සැටිය
ඇත්තෙන්ම ජය පානොත්සවය උදෙසා
කෑම උයන්නවත්
එකෙක් නොසිටියේද?
සෑම දස වසරකටම
මහා පුරුෂයෙක් පහළ වේ
මේ සියල්ලටම
වියදම් කළෝ කවුරුහුද?
ඉතින් මෙවැනි පුවත් අපමණය
— කෙළවරක් නැති ප්‍රශ්න
පැන නොනැංගේද?
► Bertolt Brecht
පරි: එස්. ජී. පුංච්හේවා | ‘අකුණු පහන’ කාව්‍ය සංග්‍රහය
Advertisements