► ♪ ♫

Archive for May, 2009|Monthly archive page

නෑදැයෝ

In quote from Web, quoted poem on May 29, 2009 at 6:16 am

යුදධෙ
ඉවරයි කිව්ව විදියට
මම උන්නෙ
බඩු අරං පොදි බැඳ ගෙන
මැනික් ෆාම් කඳවුරට යන
සිංහල සෙනඟ බලන්නට.

බස් වලින් කැන්දගෙන
අරං ගොස්
ඉද්ද ගැහු වේගෙට
උන් උපන් බිම් වලට
හදා කුඩුපට්ටම් ගේ දොර
එලිපෙහෙලි කොට වතුපිටි
එන්න. ඉහිමු ළිඳ තරඟෙට
කොච්චර සුන්දරද – කලබල ශුමදාන.

උයා මහා කිරිබතක් මේසෙට
කවමුද අපි කටකින් කටකට.
දෝරෙ ගලන හිනා සාලය
දකු‍ණේ නෑදැයින් පැමින.
තල් කොලෙන් පොල් කොලෙන්
කවි ගොතමු අපි ආයෙම.

මීනච්චියේ ඇයි
පොට්ටුවයි තනි ඇහැයි
සුදු පිච්ච මල් සුවඳ
දොර රෙද්දෙන් එබෙන.
දෑවැද්දක් ඕනෙ ම නැහැ
උස්සන් යනව මම
හෙට උඹව දකුණට.

පාරවෙල් දිගේ ඉගිලෙන
ජාතික හැඟීමෙන් විසිවුන
පියවි සිහිය එලඹුන සඳ,
ඉස්සී බැලුවෙමි
පීරා සිංහ කොඩි රෑනම
අපි තාමත් කොළඹ.
විජයග්‍රහනයේ කිරිබත
තලුමරමින

මැනික් ෆාම් කඳවුරේ
කටුකම්බි අට පොටෙන් උඩහට
හූල්ලන දෑස්ය මග බලන

► මහේෂ් මුණසිංහ (2009 05)
බුන්දි බ්ලොග් අඩවියෙනි.

the Gadfly (1895) | ඇට මැස්සා

In quoted Books, quoted Text on May 27, 2009 at 4:51 am

[..] The Gadfly is a novel by Ethel Lilian Voynich, published in 1897 (United States, June; Great Britain, September of the same year). Set in 1840s Italy under the dominance of Austria, a time of tumultuous revolt and uprisings, the story centers on the life of the protagonist Arthur Burton as a member of the Youth movement and his antagonist Padre Montanelli. A thread of a tragic relationship between Arthur and his love Gemma simultaneously runs through the story. It is a story of faith, disillusionment, revolution, romance, and heroism. [..] —from Wikipedia

සිංහල පරිවර්තනය:
සුගතපාල ද සිල්වා | ‘ඇට මැස්සා’ (1988 ඔක්තොබර්)
ISBN 955-20-0225-7
‘අපේ කට්ටියේ’ පොතක්. ‍ගොඩගේ ප්‍රකාශනයක්

Read it, Online: http://www.globusz.com/ebooks/Gadfly/index.htm

නොලියූ කවිය

In , සිතුවිලි, quote from a News Paper, quoted poem on May 27, 2009 at 4:35 am

ගැඹුරු වුව, සාගරයට
නිල් දිය බරක් නොවෙයි
අපමණ වුව, තරු රැස
රෑ අහසට වැඩි නොවෙයි

එහෙත් ..
මා සුහඳිනිය,
ඔබ සමීපයෙහි
මට මගේ හදවත
මහා බරකි

ලියූ කවියකට වඩා
නොලියූ කවියක වේදනාව
ඔබ දන්නෙහිය …

ජීවිතය පුරා
ලියන්නට මැවූ,
එහෙත්..
කිසිදිනෙක ලියන්නට නොලැබුනු–
කවියක
සදාකාලික වේදනාව
ඔබ අභියස
නිහඬ කවියකි ..

► ලලිත් කීර්තිරත්න
‘මව්බිම’-කවිකාර මඩුව (2006 දෙසැම්බර් 17) | tracked at xx:05:2009

සිහි කැඳවුම

In , සිතුවිලි, quote from a News Paper, quoted poem on May 10, 2009 at 6:34 am

සිහිනයක පාට සේදින
ජීවිතය එතැන නැවතින
හිස්කම ලඟ රැඳින
නුඹ කොහිදැයි සිතින

හැඩපලු ගෙතුන තැන
වියැකින රටා පලුදුව
දුක් කෙඳි සෙමින් විහිඳෙන
හැඩ නැති පෙමක සැතපින

නොකියන ගීයේ පද නැත
උරනව දුරින් දුරටම
ලන්සුව තබා ආලය
වෛරයෙන් වෛරේ නොසිඳෙන

පෙම් පලහිලව්වක මුල
වෙන් වී ගියේ කිම
නොතියාම මතකය මත
ඔය ඇස්වල කඳුලු කැට

► පරාක්‍රම ඒකනායක

A Tale of Two Cities ‘දෙනුවර කතාවක්’

In , සිතුවිලි, quote from a Book, quoted Text on May 4, 2009 at 11:59 am

“මම නරක ඉරියව් ඇති මිනිසෙක්, මම පාප මිත්‍ර සේවනය කරන්නෙක්. මේ නිසා මා තුළ ඔබ කෙරෙහි ඇති ප්‍රේමය ඔබට පිළිගන්නට හැකි වුවත්, එයින් ඔබට මහත් හානියක් දුකක් වෙන බව මගේ හෘද සාක්ෂිය හොඳට දන්නවා. ඒ වගේම මම හොඳටම දන්නවා මා පිළිබඳ සිතක් ඔබ තුල වන්නට බැරි බව. මම එහෙම ඉල්ලීමක් කරන්නෙත් නැහැ. එක අතකින් මම බොහොම සතුටුයි, මා කෙරෙහි එහෙම හැඟීමක් ඔබට ඇති කර ගන්නට බැරි එක ගැන.

.. මා ගැන මම හොඳට දන්නවා. මම නිකම්ම අළු ‍ගොඩක්. නමුත් ඔබ දැකීමෙන් පස්සෙ ඒ අළු ගොඩට අලුත් ගින්නක් වෙලී ගියා. මේ බව ඔබට දැන්වීමෙන් මට මහත් ප්‍රීතියක්.

මට ඇති එකම සැනසීම තමයි මගේ හෘදය ඔබට අනාවරණය කල බව සිහි කිරීම. මා අද කළ කී දේ වෙන කිසිම කෙනෙකුට නොකියන ලෙස මම ඔබෙන් බැගෑපත් ලෙස ඉල්ලනවා.

එකක් කියන්නම් මම කිසි කලෙක ආයෙත් මේ සම්බන්ධව ඔබට කතා කරන්නේ නැහැ. ඒ නිසා කිසි බයක් හේම වෙන්ට එපා. මා මැරෙන මොහොතේ මා පතන්නේ එකම එක සැනසිල්ලක් පමණයි. මොකද්ද? මගේ අන්තිම ප්‍රකාශය ඔබට කල බවත්, මගේ නමත්, මගේ දුර්වලකමත්, මගේ කම්කටොලුත්, ඔබේ හෘදයේ හි තැන්පත් කල බවත් මතක් කර ගැනීම පමණයි.”

“මා නිසා ශෝකවන්න එපා කුමරිය. ඔබත් කාලකණ්නි මාත් අතර ඇති පරතරය විශාල බව මා දන්නවා.

තව එකක් කියන්ට තියෙනවා. යම් කලෙක, ඔබට දයාඹර ජීවිතයක් ගලවා ගැනීමට මොනම පරිත්‍යාගයක් වුණත් කරන්නට මම නිතරම සූදානම් බව හිතේ තියා ගන්න.”

“මේ ආත්ම පූජාව මම යම් ජීවිතයක් නිසා කරම්ද, ඒ ජීවිතයෝ ඉතා සන්සුන්, ප්‍රයෝජනවත්, ඉසුරුමත් හා වාසනාවන්ත බවට පත්වී….

“ඇ‍ගේ ඇකයේ නිඳන මගේ නම ඇති බිළිඳා වැඩි වයසට පත්වූ විට, වරක් මා අපේක්ෂා කල ජීවිතය හිමි කර ගන්නේය. ඔහුගේ ප්‍රයත්නය කොයි තරම් සාර්ථක වන්නේද කිවහොත්, ඔහුගේ නාමයෙන් මගේ නාමය ද බැබලෙන්නේය. මගේ ජීවිතයේ මා කරගත් කැලැල් රැස එයින් මැකී යන්නේය.”

“මීට පෙර මා කළ සෑම දෙයකටම වඩා ශ්‍රේෂ්ඨ වැඩක් අද මම කරමි. මා දන්නා සෑම විවේක ස්ථානයකටම වඩා පරම රමණීය වූ ශාන්ත භූමියක් කරා මම අද යමි.”

► ‘A Tale of Two Cities‘ (1859) By Charles Dickens
අනුවාදය: ටී.බි. ඉලංගරත්න (‘දෙනුවර කතාවක්’)

කවියෙක්ව මම

In quote from a News Paper, quoted poem on May 2, 2009 at 7:07 am

කවියෙක්ව මම
දෑස් වසා – වීදිවල සැරි සැරිමි
හිසට සෙවනක් – කුසට අහරක් – ගතට රෙදි කඩක්
නැති වුන් නෙත ගැටෙන බැවින්
යුද්ධයක් ගැන – මට නොදැනීය – සොයා ද නොබැලුවෙමි
ජාතිවාදියෙකු – දේශ දොහියෙකු යැයි
ලේබල් වැදේ යැයි බියෙන්
මම කවියෙකුව සිටිමි
ගැහැණු රූ සොබා වනන
ගහකොළ ඇලදොල ගැන කවි ලියන
රජයේ පත්තර වල – කිවි පිටුවල සැරි සැරිමි
විචාරක වර්ණනා පුද ලදිමි
කළාව සඳහාමැයි  උඬගුව මුමුණමි

► එස්.එම්. චතුර මධූෂ කොමංගොඩ, තිහගොඩ
‘ගිනිසිළුව’ දෙසැම්බර් 2007

Lines Written In Early Spring

In quoted poem on May 2, 2009 at 7:02 am

I heard a thousand blended notes,
While in a grove I sate reclined,
In that sweet mood when pleasant thoughts
Bring sad thoughts to the mind.

To her fair works did Nature link
The human soul that through me ran;
And much it grieved my heart to think
What man has made of man
.

Through primrose tufts, in that green bower,
The periwinkle trailed its wreaths;
And ’tis my faith that every flower
Enjoys the air it breathes.

The birds around me hopped and played,
Their thoughts I cannot measure:—
But the least motion which they made
It seemed a thrill of pleasure.

The budding twigs spread out their fan,
To catch the breezy air;
And I must think, do all I can,
That there was pleasure there.

If this belief from heaven be sent,
If such be Nature’s holy plan,
Have I not reason to lament
What man has made of man?

William Wordsworth (1770-1850)