► ♪ ♫

Archive for April, 2009|Monthly archive page

පේ‍්‍රමය නොවේ නම්, මිතුරුකම ඇති මට

In , සිතුවිලි on April 26, 2009 at 8:00 pm

දැවී අළුව ගොස් තිබුණු ජීවිතය
අළුත් ගින්නකින් වෙලී ගිය බව, සත්‍යයකි

නෙක තාරකා පිරුණු නිල් අහස මත
මඟ කියන පහන් තරුවක් දිටිමි

නෙක මල් පිපුණු උයනක
අවැසි වූයේ එක් මලක් පමණකි

කටුක දිවි සැරිය මත
රුදුරු වද වේදනා මැද වුව
සිතුවිලි-සිහින තුල
ඇදුණ එක රුවකි

කියන්නට හැකි වෙයි නම් එක් වරක්
නිමේෂයක් ඇති මට
අප‍්‍රකාශිත මේ පෙම
ආත්මාර්ථයෙන් නොකිලිටි වග

ඒ නිමේෂය වටියි
වඩා – දස වසරකට

ඉතිං, මා සුහඳිනිය
පේ‍්‍රමය නොවේ නම්, මිතුරුකම ඇති මට

U/K | tracked at 26:04:2009

මාක්ස් : අනාගත වෘත්තිය

In , quoted Text on April 26, 2009 at 5:40 am

“තමන් සඳහා පමණක් පුද්ගලයෙක් කටයුතු කරයි නම් ඔහුට ඇතැම් විට ප්‍රකට ශාස්තඥයෙකු, මහා ප්‍රාඥයෙකු හෝ කැපී පෙනෙන කවියෙකු විය හැකිය. එහෙත් එපමණකින්ම හෝ ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙක් ‍නොවේ. අප තෝරාගත යුත්තේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදිය හැකි වෘත්තියකි. එවිට අප අත් විඳින සතුට පටු ආත්මාර්ථකාමී එකක් නොව, ලක්ෂ සංඛ්‍යාත ජනකායකට අයත් එකක් වෙනු ඇත. නිෂ්ශබ්දව වුවද අප කරන කාර්්‍යයන් ඉතිහාසය පුරා පවතිනු ඇත. අපගේ භෂ්මාවශේෂ මත උතුම් මිනිසුන්ගේ උණු කඳුළු වැගිරෙනු ඇත.”

► කාල් මාක්ස්

අසන්න සහෘදය,

In quote from a Book, quoted poem, quoted Text on April 26, 2009 at 5:32 am

අසන්න සහෘදය,
අපි සැවොම කුරිරු ඉරණමකට බඳුන් වී සිටින්නෙමු.
ඉතිහාසයේ කොතැනක හෝ වැරදී ඇත.
අප නොකල ඒ වැරැද්දට
දඬුවම් විදින්නෙමු.
ඔවුන්, අපව භේද භින්න කලාහුය.
අපි භේද භින්නයේ අවියෙන්
අනිකාට,
ගසන්නෙමු – පෙළන්නෙමු – මරන්නෙමු
ගලන ලෙයින් සැනසෙන්නෙමු
ගලන්නේ අ‍පේම ලේ නොවේදැයි
අපට නොවැටහෙන්නේ ඇයි?
දෙවියනි!
අඳුරු තිමිර බිඳ ගනිමු සොයුර
පෙර මඟ ඔබත් මමත්
ලියන්නට නිමල ඉතිහාසය
අමුතුවෙන් ..

► බුද්ධදාස හේවගේ ගේ ‘යාත්‍රාවක මිනිස්සු’ කෘතියෙනි.

රාජ ගුරුන් නොවේ මම

In quote from a Book, quote from a News Paper, quoted poem on April 22, 2009 at 5:45 am

ශිල්ප දෙමි නුඹලාට
ධනුද්ධර මෙන් – ශිල්පයෙහි නිපුන වන්නට
පමණක් නොවේ පුත …
ලොව සියල් සාරය – උරාගෙන දැනුම ලෙස
ලෝකය අලුතෙන් නිමන්නට – කටයුතු කල යුතු යැයි නුඹ
පැරණි ලෝකයම එය
කර ගසාගෙන සිටී නම්
දැනුමක්, විද්‍යාවක් කුමකටද?, අපට
ඉරාගෙන කළුවර – ගමන් අරඹනු පුත
සොඳුරු ලෝකය වෙත
මඟ තැනිය යුතුව ඇත.

► දයා නෙත්තසිංහ‍ගේ ‘මහ වෙහෙර ළඟ හිඳ’ කාව්‍ය සංග‍්‍රහයෙනි.
‘මව්බිම’ (2006 සදසැම්බර් 03)

‘නෙළුම් චක‍්‍රය’

In , quote from a News Paper, quoted poem on April 22, 2009 at 5:40 am

උණු තේ කෝප්පයට වැටුණු
කළු කූඹියා ඇඟිලි තුඩට ගෙන
කටින් පිඹ මේසය මත
පරෙස්සමින් තැබුවෙමි
මගේ කඳුළක් වැටී
ඌ ගිලී මිය යතැයි බියෙන්
මුහුණ පසෙකට හරවා ගතිමි
එහෙත් කූඹියා මිය ගොසිනි

තේ කෝප්පය සීතල විය
කූඹියා මලේ මාතින්ද?
සීනි බෝතලය හරිහැටි නොවැසූ
ගෙදර කෙනකුගේ වරදින්ද?
විත්තිකරුවා කවුරුන්ද?
විත්තිකරුවා මා නොවූවත්
මරණයේ සාක්ෂිකාරිය මා ය
උණු වතුරේ තැම්බී මිය ගිය
කූඹියා සිහිනෙන් පෙනී
දෙව්ලොව ගිය බව කීවොත් මිස
මට කූඹියා අමතක වන්නේ ද නැත

මම යමක් සොයමි
ඒ කවුරුන්ද
ඒ කුමක්ද
මම නොදනිමි
මා සොයන්නේ
අනෙකකු හෝ අනෙකක් නොව
මාම විය ද හැක

► ‘නෙළුම් චක‍්‍රය’ සුනේත‍්‍රා රාජකරුණානායක
‘මව්බිම’ (2006 දෙසැ. 31)

දහසක් නෙතු අතර

In , සිතුවිලි, quote from a News Paper, quoted poem on April 22, 2009 at 5:25 am

දහසක් නෙතු අතර – තනි වුණ විටකදී මඳකට
අකීකරු මගේ නෙත – නැවතුනේ නුඹ ලඟයි
නුඹ නොදැන ගත්තාට …
තනිවූ මගේ සිත – හුදකලා වූ සැම විටම
අකීකරු ලෙස මටත් – නොදැනීම
දිවගියේ නුඹ වෙතයි
නුඹ‍ නොදැන ගත්තාට …
අහිංසකව – සැමවිටම
ලෙංගතුව – සෙනහසින්
සිතින් විතරක්ම මා – නුඹට පෙම් කලා
නුඹ නොදැන ගත්තාට …

► ටිනීෂෘ ද සිල්වා
‘ඉරිදා ලංකාදීප’ (2004 නොවැම්බර් 21)

ජීවිතය

In , quote from a News Paper, quoted poem on April 22, 2009 at 5:08 am

ජීවිතයේ,
අමතකව ගිය පිටුවක් ද මා සැමට ..
අඳුර විනිවිද එළියක් දකින්නට
කොතෙක් කල් ලව නෙතට නින්දක් නොදෙන්නද?
පැතු එළිය ද නිවී ගිය කල ..

අදිසි සිර මැදිරියක
බිත්ති වත් .. යදම් වත් නොමැති ..
නිල නොලත් සිරකරුවෙක්මි ..
අසීමිත නිදහසක් ඇති – කල වරදකුත් නැති

පණ ගැහෙන මුව පොව්වෙක්මි
ප්රිය සබ‍ඳෙකුත් නොමැති
සෙනහසට උරුමයක් නොමැති

ජීවිතය ලැබූවෙමි – විඳින්නට නොව විඳවන්නට
භද්ර යෞවනය මෑත අත වනද්දිම …

► සඳුන් සමීර සිරිබන්දු
විදුසර විද්‍යා සඟරාව (2004.09.29)

අවුරුද්ද!

In සිතුවිලි, quote from a News Paper, quoted poem on April 15, 2009 at 8:14 am

මුල මැද අග
නොතේරේ මට
සලකුණු-ලකුණු
නැතිවද
වෙනසකි පුරුදු……

මේ වසන්තය විය
යුතුය….
ගෙඩි බලාගෙන
කොළ හලන වසන්තය
හරි අමුතුය………..

පැටිවියේ-නුසුන් රස
අතුල
රසවත්ම අඩවිය
බදාගෙන සිඹිනු මිස
කාට පවරා දෙන්නද?

යුගයකට ඇහැරුන
මිනිසුන්ය දොර
දොර…….

එරබදු මලක රුව
කොණ්ඩ කැවුමක රස
කාන්තා වැඩසටහනක
ඇත
සුසිර කරගත යුතුය
අපි අපිම……………

බඩ වැටියෙ වැද
කජු ගෙඩියකට
හොටු පෙරාගෙන- පොර
බදාගත්
ඒ දවස්…..
ගෙනියන්න බැරි
උන ගහක් කරතියාගන
පිල්ලෑවේ හති ඇරපු
ඒ දවස්….

ඒ නොවෙද වසන්තය
උන වෙඩිල්ලක
තෙපුල් දුන් හඬ සේ
විසිර ගිය මිහිරක්ව…
උපන් පොළවේ රුව ගුණ
සොයා පාදාගත් දාට
රැහැන් පැටලුම් හැර,
‘අවුරුදු මේලා’
නෙවෙයි…….
‘පිස්සු හැදෙනව!’
ඒ තමයි
‘අවුරුද්ද!’

► ඩි.එම්. ටිම්රාන් කීර්ති