► ♪ ♫

ආකාස්මික සොඳුරු උදයක

In , සිතුවිලි on March 5, 2009 at 3:13 pm

ආකාස්මික සොඳුරු උදයක
දුටුවෙමි මම ඇයව – අකුණු සැරයක් විලසින
ඇඳුනි ඇගෙ රුව මසිත – නොමැකෙන ලෙසට කිසි දින

නොහැක මට ගමන් කෙරුමට
මා යන මඟ පසෙක ලා
එහෙයින් – දුරින් හිඳ
බලා සිටියේ ඔබ දෙස

ලංව එන්නට සිතට රිසි මුත්
නොහැක මට මා ගැන සිතන්නට
දුකින් පීඩිත ගොලුවු මිනිසුන්
හඬක් අයැදිව බලා හිඳි මඟ

අතරතුර පැමිණි ඔහු – රැගෙන ඔබෙ සොඳුරු සිත
තුටින් පියනැඟිය බව
බලා උන්නෙමි – සම සිතින් මම

බොහො කල් ඉක්ම ගොස් ඇත
නොදැක ඇය – නොදැන ඇය කොහි සිටී දැයි
දකින්නට රිසි මුත් – ඇය යළි එක් වරක්
නොදනිමි – ඒ කෙළෙසකද යන වග

U/K | tracked at jan -or- feb 2008

Leave a comment